කොළඹට දවල්ට බර වාහන එපා.


ප්‍රමුඛතා මංතීරු නීතිය හා කාර්යාල වේලාවන් වෙනස් කළද කොළඹ නගරයේ මාර්ග තදබදයේ කිසිදු අඩුවීමක් සිදුවී නොමැති බවත්, මේ නිසා දහවල් කාලයේදී කොළඹ නගරයට බරවාහන ඇතුළු වීම සීමා කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මාර්ග තදබදයට ප්‍රධාන හේතුවක් ලෙස දහවල් කාලයේදී කන්ටේනර් ධාවනය කිරීම හා පෝර්ට් සිටි ව්‍යාපෘතිය සහ විවිධ ඉදිකිරීම් සඳහා වැලි, ගල් ප්‍රවාහන කිරීමට රථ ධාවනය කිරීම යන කරුණු ප්‍රධාන වශයෙන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවද ඔහු පවසා සිටියේය.

මීට පෙර බර වාහන රථ කොළඹ නගරයට ඇතුළුකිරීමට කාලසටහනක් තිබූ බවත්, එහෙත් එම කාලසටහන දැනට ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කළේය. මේ නිසා මෙම නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment