යෝෂිත රාජපක්ෂට ඉතාලියට.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන 28 සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා සති දෙකක කාලයක් ඉතාලියට යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබාදී තිබේ.

පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යාමට අවසර ලබාදෙන ලෙසට යෝෂිත රාජපක්ෂ නීතිඥවරයෙකු මාර්ගයෙන් මහාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා එම නියෝගය ලබා දී ඇත.

මෙම නියෝගය ආගමන විගමන පාලකට සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකට දැනුම් දෙන ලෙසට ද මහාධිකරණය දන්වා තිබේ.

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා සී එස් එන් නාලිකාව ආරම්භ කිරීම පිළිබඳ යෝෂිත රාජපක්ෂට ඓරෙහි නඩුව විභාග වන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේය.

ඔහු ඊට අදාළව ඇප ලබාගෙන ඇත්තේ කොළඹ මහාධිකරණයෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment