රවී එජාපයේ නායකත්වයට?


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණීමට රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රවී කරුණනායක මහතා කිසිවිටෙකත් බැඳුම්කර ගනුදෙනුව නිසා ඇතිවු බලපෑම නිසා සිය අමාත්‍යධූරයෙන් ඉවත් වු බවක් නොපවසන බවත්, සෑම විටම කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ අරමුණින් අමාත්‍යධූරය අත්හැරිය බවත් නිසා මෙවැනි අරමුණක් ඇති බව සිතිය හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රවී කරුණානායක මහතා සෑම විටම පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කළ බව පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා පළවා හැර නායකත්වය ලබා ගැනීමට උත්සහ ගන්නා අතර කිසිදු විනයක් නොමැති මැති අමාත්‍යවරුන් ලෙස මොවුන් ක්‍රියා කරන බවත් මෙහි ආරම්භය බැඳුම්කර ගනුදෙනුව සමඟ ආරම්භ වු බවත් ශෙහාන් සේමසිංහ මහතා තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ දෙදරීම ක්‍රමක් ක්‍රමයෙන් එළියට එමින් පවතින බව ද ඔහු කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment