පූජිත යටතේ අලුත් බුද්ධි අංශයක්

පූජිත යටතේ අලුත් බුද්ධි අංශයක්

 

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අදහසකට අනුව මේ නව බුද්ධි අංශය ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකින් ම පොලිස් නිලධාරීන් පස් දෙනකු එක්කර ගැනීමට නියමිත බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ පොලිස් නිලධාරීන් තෝරාගැනීම ද පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත සිදු වන බවත්, ඒ සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් පත් කෙරෙනු ඇති බවත් අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශය, පොලිස් විශේෂ විමර්ශන අංශය ඇතුළු අංශ කිහිපයක් බුද්ධි කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර තිබිය දී, පොලිස්පතිවරයා මෙසේ නව බුද්ධි අංශයක් ස්ථාපිත කිරීමට හේතුව කුමක්ද යන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවා මෙතෙක් පැහැදිලි කර නැති බව ද වාර්තා වේ

-කාශ්‍යප කොතලාවල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment