පෝට්සිටිය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක්.


අන්තර්ජාතික මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරයට අදාළ නීති සකස් කිරීම සඳහා වෙනම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කෙරෙමින් පවතී. අන්තර්ජාතික නීති සහ ව්‍යාපාර මේ නගරය තුළ ක්‍රියාත්මක වීම නිසා ගැසට් පත්‍රයක් මඟින් පමණක් මේ නීති සකස් කළ නොහැකි බව නීතිවේදීන්ගේ අදහස වී තිබිණි.

එසේ ගැසට් පත්‍රයක් මඟින් අදාළ නීති පැනවීමට උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් ද පවසා ඇත.

මේ කරුණු සියල්ල සලකා බලා අදාළ මූල්‍ය නගරයේ බදු අයකිරීම්, පාරිසරික නීති ඇතුළු සියලු කටයුතුවලට අදාළ නීති ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. මේ කෙටුම්පත හිටපු නීතිපති යුවන්ජන් විජේතිලකගේ අධීක්ෂණය යටතේ නීතීඥයන් කණ්ඩායමක් මගින් සකස් කරන බවත්, කඩිනමින් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත් බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අගමැතිවරයාගේ උපදෙස් මත මේ ව්‍යවස්ථා සංශෝධනය සකස් කෙරෙන බවත්, කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි අදාළ අන්තර්ජාතික මූල්‍ය නගරයේ කටයුතු සිදු කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවත් ය.

-ශාලික විමලසේන

               

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment