හිටපු ජ්‍යෙෂ්ටයන්ට විකල්ප සොයාගැනීමට අප තවමත් අසමත් - නික් පොතාස්

හිටපු ජ්‍යෙෂ්ටයන්ට විකල්ප සොයාගැනීමට අප තවමත් අසමත් - නික් පොතාස්

 

ශ්‍රී ලංකා පකිස්තාන් තරග සංචාරය අරඹමින් හෙට පළමු තරගය පැවැත්වීමට නියමිත අතර මේ වනවිට එක දිගට තරගාවලිවලට සහභාගි වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙහෙසට පත්ව සිටින බවත් එසේම සැලකිය යුතු පිරිසක් ආබාධවලට ලක්වී සිටින බවත් පොතාස් මහතා පෙන්වා දෙයි. කෙසේ වෙතත් පසුගිය තරගාවලිවලදී ලැබූ පරාජයන් අමතක කර නැවත නැගී සිටීමට තම ක්‍රීඩකයන් මෙම තරගාවලිය උත්සාහ දරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

පසුගිය ජුනි මාසයේදී හිටපු පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් මහතා හදිසියේ ධූරයෙන් ඉවත්ව ගිය අතර ඒ වනවිට පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි. කෙසේ වෙතත් ඔහුට තවමත් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙනඒමට හැකි වී නොමැත. පසුගිය ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළදී කිසිදු තරගයක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වූ අතර මේ නිසා ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරු ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ විවේචනයට ලක්ව සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment