කුමක්දැයි නොදනිතත් තිබිය යුතුයැයි හඟින
යමක් ගිළිහී තිබුණි උපතින්ම මට උරුම
තෙරපුණත් රළ පතර සේ හිතේ වැළපීම
ජීවිතය සොඳුරුයයි සිතුනි මට හැමදාම
ඇවිද ගෙන පාළු රජ වීදියේ නුවර දොර
පතා ගිලිහුන දෙයම හඹා යන නිරන්තර
ළමාවිය, ආදරය අහිමි වුණ මිහිමතේ
මමද එක දියණියක වෙමි රැඳුන මාවතේ
0 comments :
Post a Comment