යහපාලන රජය පොරොන්දු ඉටු කරන නිසා ජනතාව නිදහසේ ජීවත් වෙනවා - සුව ඇමති

යහපාලන රජය පොරොන්දු ඉටු කරන නිසා ජනතාව නිදහසේ ජීවත් වෙනවා - සුව ඇමති

 

ඒ මහතා මේ බව පැවසුවේ නින්දවූර් මුලික රෝහල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සහ නින්දවූර් අයුර්වේද බෝ නොවන රෝග පිළිබඳ පර්යේෂණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඉදිරියේ දී ජාතිවාදය සහ ආගම්වාදය යළි මතු වුවහොත් ඊට විරුද්ධව ද සටන් කරනවා. උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහයෝගය ද රජයට ලැබී තිබෙනවා. ජාතිවාය, ආගම්වාදය තුරන් කර ශ්‍රි ලාංකික ජාතිය බිහි කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. ඒ යටතේ පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ තීරණය ඉතාම වැදගත්. මම සෞඛ්‍ය අමාත්‍යධුරයට පත්වන විට එම රොගීන්ට ලබාදුන්නේ රුපියල් ලක්ෂ 15 ක් දක්වා ඖෂධ පමණයි. නමුත් නව තීන්දුවත් සමග මේ වනවිට රුපියල් ලක්ෂ 100, ලක්ෂ 120 දක්වා ප්‍රතිකාර ලබාදී තිබෙනවා. එම වියදම් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබනවා. මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් වැය කිරිම ගැන තමයි දැන් චෝදනා කරන්නේ. ජනාධිපති අරමුදලෙන් තවත් රෝගීන්ට ප්‍රතිකාර සදහා මුදල් වැය කර තිබෙනවා. නමුත් මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පිලිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඖෂධ නොමිලේ සැපයීමට ගත් තීන්දුව ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. එම රෝගීන්ට විශාල සහනයක් ලබා දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඖෂධ හිගයක් තිබෙනව බවට අසත්‍ය ප්‍රචාර මතු කළා. නමුත් තංගල්ල හා මොණරාගල රෝහල්වල අවශ්‍ය තරම් ඖෂධ තිබෙනවා.”

මෙම අවස්ඨාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා, ඇතුලු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment