සතියක් තුළ දේශපාලන පෙරළියක් - නාමල්.


සතියක් ඇතුළත දේශපාලනික වශයෙන් පෙරළියක් ඇතිවෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සතිපතා කුරහන් සවුඳ තීරු ලිපියට අද (05දා) ඔහු එක්කළ කරුණුවල මේ බව දැක්වෙයි.

එසේම ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිපදෙනෙකු ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමගින් එකතුවෙනු ඇතැයි සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ සඳහා වන සාකච්ඡා මේ වන විටත් පවත්වමින් යන බව සඳහන් කරයි.

මේ අතර ඉදිරියේදී එන මැතිවරණ සඳහා එක්බද්ධ විපක්ෂය පුළුල් සන්ධානයකින් තරග කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම එම සන්ධානය සමගින් තරග කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කැම්බල්පිටියේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සම්මේලනයට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම එක් නොවූයේ පක්ෂ නායක්තවය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවාදීම නිසා බවත් ඔහු පවසයි.

(අද)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment