ඉර්මා සුළි කුණාටුව විසින් දශකයකින් ඇතිවූ වේගවත්ම සුළං ධාරාව වාර්තා කරන්නේ පැයට සැතපුම් 185 ක (පැයට කිලෝමීටර 295) වේගයකිනි. පෝටෝ රිකෝ රාජ්‍යයට ද මේ වන විට සුළි කුණාටුව හේතුවෙන් දරුණු අලාභ හානි සිදුව ඇති අතර අද සවස් වන විට එය ඩොමිනිකානු සමූහාණ්ඩුව වෙත කඩා වදිනු ඇත.
ඉර්මා සුළි කුණාටුව මුලින්ම කඩා වැදුණේ ප්‍රංශ පාලනය යටතේ පවතින ඇන්ටිගුවා සහ බාබුඩා ද්විත්ව දූපත් වෙත ය. බාබුඩා හි මරණ 2 ක් වාර්තා කළ එය, දුපතේ ගොඩනැගිලි සියල්ලම පාහේ විනාශ කර ඇත. මුළු දූපතම ජලයෙන් යට වී තිබෙන අතර වාසනාවට මෙන් එහි ජීවත් වූයේ 1800 ක පමණ ජනතාවකි. තවද යාබද 80000 ක පමණ ජනගහනයක් ජීවත් වන ඇන්ටිගුවා දූපතට එයින් විශාල බලපෑමක් සිදුවූයේ නැත. එය එසේ වූවා නම් ජීවිත හානිය සිය ගණනක් දක්වා ඉහළ යන්නට ඉඩ තිබිණි. යාබද ශාන්ත මාටින් දූපතේ ගුවන් තොටුපොළ ද කුණාටුව හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඇමරිකාවේ ෆ්ලොරිඩා කීස් නමැති සංචාරක නිකේතනය සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්වන කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇත.
ඉර්මා සුළිකුණාටුව අයත් වන්නේ විපත් ඇතිකරවන, ගොඩනැගිලි විනාශ කර දැමීමට සමත් 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවලට ය.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment