ඖෂධ දේශීයව මිලදී ගැනීමේ බලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

ඖෂධ දේශීයව මිලදී ගැනීමේ බලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

 

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පැවති මහාචාර්ය සේනක බිබිලේ සමරු උළෙලට සහභාගිවෙමිනි. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උළෙල කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදී වෙළඳ නාමයෙන් නොව ඖෂධවල නාමයෙන් ලිවීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් එය මේ වනවිට එංගලන්තය, ඇමරිකාව වැනි දියුණු රටවල සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය. ජාතික ඖෂධ නියාමන පනත යටතේ ඖෂධ, ඖෂධ නාමයෙන් ලිවීමේ නීතිය නීතිගත කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු පවසයි.

1971 වසරේ සේනක බිබිලේ මහතා සකස් කළ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඉන්පසු පත්වූ කිසිදු රජයක් කටයුතු නොකළ බවත් ඉන් රටේ ජනතාව විශාල අසාධාරණයක් සිදු වූ බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment