සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය

සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය

 

උතුරු කොරියාව ලෝක සාමයට බාධා කරන බව හා නීතිවිරෝධී න්‍යෂ්ටික අවි තබාගෙන සිටින බව පවසමින් උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ අතර ඒ අනුව එම රට සමග භාණ්ඩ ආනයනය සහ අපනයනය තහනම් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ උතුරු කොරියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 270 කට වැඩි වටිනාකමකින් යුක්ත ගල් අඟුරු, යකඩ සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ මැලේසියාව යන රටවලට අපනයනය කර ඇති බවයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අපනයන කර ඇති භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109 කට ආසන්න වේ. අදාල කාලය තුළ කිම්-ජොං-අන් පාලනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44 ක භාණ්ඩ අපනයනය කර තිබේ.

පිටු 111 කින් සමන්විතව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් 32,184 ක් වටිනා තඹ නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවෙන් ආනයනය කර ඇති අතර මීට අමතරව පසුගිය වසරේ ඔක්තෝබර් සිට මෙම වසරේ පෙබරවාරි දක්වා යකඩ ද ආනයනය කර ඇත.
මෙම රටවල්වලට අමතරව බාබඩෝස්, කොස්ටාරිකා, ප්‍රංශය, එල්-සැල්වදෝර්, ඉන්දුනීසියා, අයර්ලන්ත, පකිස්තාන් යන රටවල් ද නීතිවිරෝධී ලෙස උතුරු කොරියාව සමග ආර්ථික සබඳතා පවත්වා ඇති බව මෙම වාර්තාව හෙළි කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment