බැඳුම්කර ලිපිගොනුවිනාශ කිරීමේ කුමන්ත්‍රණයක්.


බැඳුම්කර කොමිසමේ සාක්ෂි ඊට අදාළ ලිපිලේඛන සහ සන්නිවේදන උපකරණ සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පත්වාගෙන යනු ලබන බැඳුම්කර කොමිසමේ කාර්යාලය ගිනි තබා විනාශ කිරීමේ සැලැස්මක් පවතින බව බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇත.

ඉකුත් සැප්තැම්බර් 04 වන දින මධ්‍යම රාත්‍රියේ මෙම කාර්යාල පරිශ්‍රයට ගිනි තබා කොමිසමට අදාළ ලිපිලේඛන පුළුස්සා දැමීමේ සැලසුමක් තිබී ඇති බවත් එම තත්ත්වය වැලකී ඇත්තේ එදින සවස 3.00ට V 2025 පොහොසත් රටක් නමින් වූ සම්මුතිවාදී ආණ්ඩුවේ රට හදන දැක්ම නමින් වූ වැඩසටහනක් ක්‍රියාත්මක වීම බවත් බුද්ධි අංශ ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත. අදාළ තොරතුරු ලැබීමත් සමඟ බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව තර කළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දීමට පියවරගෙන තිබිණි.

ඒ අනුව සැප්තැම්බර් 5 වන දින කාර්යාල පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ඒකකයක් අනුයුක්ත කර ඇත. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවට අමතරව බැඳුම්කර කොමිසමේ සාක්ෂි සටහන් සහ ඊට අදාළ ලිපි ලේඛන, සන්නිවේදන උපකරණ ආරක්ෂාකර ගැනීම සඳහා ලෝහමය සේප්පුවක් ද ස්ථාපිත කර ඇති එම සේප්පුව කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කරනු ලැබුවේ සැප්තැම්බර් මස හය වන දිනය.

මීට අමතරව බැඳුම්කර කොමිසමේ නීතිඥයන්ට, සාක්ෂිකරුවන්ට අවශ්‍ය වුවහොත් පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු හෙළි කළේය.

- ජනිත ප්‍රසාද් සේනානායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment