මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අපරාධ විමර්ශන අංශයට ලැබුණූ තොරතුරක් අනුව දළුග්ගොල්ල, කහමල්වත්ත ප්‍රදේශයේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේදී ඉතා සූක්ෂම අයුරින් සගවා තිබුණු අත් බෝම්බයක් හමුවී ඇති අතර ඒ සමග එහි හිමිකරු යැයි කියන සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බෝම්බය යම් නීති විරෝධී ක්‍රියාවක් වෙනුවෙන් සූදානම් කරන ලද්දක් ද යන්න පිළිබදව මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

සැකකරු නීති විරෝධී ක්‍රියා හේතුවෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවී සිටින බව ද පොලීසිය කියයි.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහනුවර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙහොමඩ් ෆාරුක් මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
නදීක දයා බණ්ඩාර - මහනුවර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment