ජාත්‍යන්තර බිහිරි දින සැමරුම යාපනයේදී.

ජාත්‍යන්තර බිහිරි දින සැමරුම යාපනයේදී.

මෙම වර්ෂයේදී පැවැත්වෙන ජාත්‍යන්තර බිහිරි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගෙන උතුරු පළාතේ පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ විශේෂයෙන් වසර 30කට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය නිසා බොහෝ සෙයින් අපහසුතාවයට පත්වූ එහි වෙසෙන බිහිරි ප‍්‍රජාව වෙනුවෙන් බවට උතුරු පලාත් අණ්ඩුකාර කාර්යාලය පෙන්වා දුන්නේය.

අනිකුත් දිස්ත‍්‍රික්කවල වෙසෙන බිහිරි ප‍්‍රජාව දෙස සාපේක්ෂව බලන කල උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන බිහිරි ප‍්‍රජාව සෑම අතින්ම දුෂ්කරතාවලට මුහුණ පා ඇත. එසේ හෙයින් ජාත්‍යන්තර බිහිරි දිනය උතුරු පළාතේ පැවැත්වීමටත් ඊට සමගාමීව පොදු ජනතාව දැනුවත් කිරීමේ සාම පාගමනක් සහ සිංහල දමිළ බිහිරි ප‍්‍රජාවන් අතර සංස්කෘතික සංදර්ශනයක්ද පවත්වනු ලැබින.

මෙම උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් දහසකට ආසන්න බිහිරි ප‍්‍රජාවක් මෙම අවස්ථාවට සහභාගිවූ අතර සමාජ සුභ සාදන අමාත්‍ය ගරු එස් බී දිසානායක මැතිතුමා, උතුරු පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමා, ශ‍්‍රී ලංකා බිහිරිවූවන්ගේ සම්මෙලනයේ සභාපති බ‍්‍රයන් කොඩිතුවක්කු මහතා, සංගමයේ උප සභාපති සීවලී සෙනරත්න මහතා ඇතුලූ රාජ්‍ය හා දේශපාලන අධිකාරියේ නිලධාරීන් රැුසක් සහභාගි වී සිටියහ.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment