රෝහින්ග්‍යා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා අවස්ථාව රජය විසින් තහවුරු කළ යුතුයි - ලංකා ගුරු සගමය

රෝහින්ග්‍යා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා අවස්ථාව රජය විසින් තහවුරු කළ යුතුයි - ලංකා ගුරු සගමය

අන්තවාදී කලහකාරීන් පිරිසක් කළ මෙම කි‍්‍රයාව ඉදිරියේ රජය විසින් එම සරණාගතයින් මේ වන විට බූස්ස රැඳවුම් කඳවුරට යවා තිබේ.

ඒ අතර පාසල් යන වයසේ කුඩා ළමුන් පිරිසක් සිටින අතර එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට රජය විසින් අවස්ථාව සැලසිය යුතු බව ලංකා ගුරු සගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටී.

එසේම මෙම දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සහ මූලික අයිතියක් වන අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම ශී‍්‍ර ලංකා රජයේ වගකීමකි. මේ තත්වය තුළ මෙම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට මැදිහත් වන ලෙස ලංකා ගුරු සංගමය සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් ද ඉල්ලීමක් කර ඇත.

මෙයට

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment