සංගක්කාර පළමු පෙළ තරගවලින් සමුගනී

සංගක්කාර පළමු පෙළ තරගවලින් සමුගනී

ඔහු සිය අවසන් ඉනිමේදී ලැන්කැෂයර් ප්‍රාන්තයට එරෙහිව නොදැවී ලකුණු 35 ක් ලබාගත්තේය. ඔහු මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 1491 ක් රැස් කිරීමට සමත් වූයේ ශතක අටක් ද වාර්තා කරමිනි. මේ වනවිට සංගක්කාර පළමු පෙළ ලකුණු 20,000 ඉක්මවා තිබේ.

මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවන කුමාර සංගක්කාර පවසන්නේ ලබන වසර අවසන් වන තෙක් 20/20 ලීග් තරගාවලි සඳහා සහභාගි වන බවයි.

ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණුලාභීන් අතර පස්වැන් ස්ථානයේ සිටින සංගක්කාර ලකුණු 12,400 ක් වාර්තා කරගෙන සිටී. එක්දින ලකුණු 14234 ක් ලබාගෙන සිටින ඔහු සචින් ටෙන්ඩුල්කාර්ට පමණක් පසුපසින් සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment