ප්‍රතිකාර සඳහා ගෙනයමින් සිටි අලියෙකු මිය ගිහින්

ප්‍රතිකාර සඳහා ගෙනයමින් සිටි අලියෙකු මිය ගිහින්

 

ඉකුත් 10 වන දින රාත්‍රීයේ මෙම කණ්ඩුල නම් මෙම අලියා කඩුගන්නාව හේනාවල ප්‍රදේශයේදී ලොරි රථය තුළ ඇද වැටී ඇත. ලොරි රථය තිරිංග ක්‍රියාත්මක කිරීමේදී අසනීප තත්ත්වයෙන් පසුවූ අලියා ලොරිය තුළ හිද ගැස්වී ඇති අතර පසුව ඔහුට නැගිට ගැනීමට නොහැකි වී තිබේ. පාදයක අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම අලියා ප්‍රතිකාර සදහා නිරන්තරයෙන් කෑගල්ල, ප්‍රදේශයට ප්‍රතිකාර සදහා රැගෙන ඒව සිදුවේ.

ඒ අනුව හබරන සිට රැගෙන ආ අලියා ලොරි රථය තුළ ඇද වැටීමත් සමග පසුව අලිය නැගිටුවීම සදහා දොඹකරයක සේවය ලබා ගත්ත ද එය සිදුකිරීමට නොහැකි වී තිබේ. ඒ අනුව දොඹකරය ආධාරයෙන් අලියා ලොරියෙන් බස්සවා ප්‍රතිකාර කිරීමට කටයුතු යොදා තිබුණි.

පාදයක් ඉදිමී අසනීප තත්ත්වයෙන් පසුවූ අලියා 11 වන දින අලුයම මරණයට පත්විය. මරණයට පත් අලියා අලුයම් කාලයේදිම ඔහුගේ හිමිකාරීත්වය ඇතැයි පැවසෙන හගුරන්කෙත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව කඩුගන්නාව හේනාවල ප්‍රදේශවාසීන් පැවසූහ.

මෙම අලියා හබරණ ප්‍රදේශයේ සෆාරි කටයුතු වලට යොදා ගන්නා බවත් අසනීප තත්ත්වයෙන් පසුවූ අලියා පැය පහක පමණ කාලයක් අලි ප්‍රවාහනයට නුසුදුසු ලොරියක රැගෙන විත් ඇතැයි පරිසරවේදීන් චෝදනා කරයි. මෙම අලියාගේ හිමිකාරීත්වය පිළිබදව ගැටලුවක් ඇතැයි ද පැවසේ.

ඒ අනුව අලියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස තිරසාර සංවර්ධන, වන ජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු තවමත් සිදුකර නොමැති අතර බලධාරීන් නිල තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද වාර්තා වේ.

නුවර නදීක දයා බණ්ඩාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment