ලලිත් - පැල්පිට අභියාචනාධිකරණයට යයි

ලලිත් - පැල්පිට අභියාචනාධිකරණයට යයි

ඔවුන්ගේ නීතිඥයන් විසින් මෙම අභියාචනය ගොනුකර තිබේ.

2015 ජනාධිපතිවරණය සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක් වංචනික ලෙස ලබාගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදා ඇති බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වූ අතර කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගැනිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔවුන් දෙදෙනාට වසර තුන බැගින් සිර දඬුවම් නියම කළ අතර රුපියල් මිලිය 02 බැගින් දඩයක් ද නියම කෙරිණි. මීට අමතරව රුපියල් මිලියන 50 බැගින් විදුලි සන්දේශ නියමන කොමිෂන් සභවට ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment