ප්‍රධාන පක්ෂ දෙකම එකතු විම නිසා යහපාලනය ගැන ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇති වෙලා..

Sagala-Rathnayake_25_11

යහපාලන රජයට 2/3 ක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල පැවතියද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී ක්‍රියා කරන නිසා ආණ්ඩුව පිළිබඳව සහ රට පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇතිවී ඇති බව බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

දෙනියාය ආසනය තුල එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමේ වැඩසටහන් රැසකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ නව රජය යටතේ මෙරට තුල ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ ස්ථාවරත්වය තහවුරු වීම හේතුවෙන් මෙරටට විදේශ ආයෝජන සහ සංචාරයකයන් පැමිණීමේ වර්ධනයක් සිදුව ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන බැවින් වත්මන් ආණ්ඩුව පිළිබඳව මෙන්ම රට පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇතිවී ඇති බවත් රට පිලිබඳ නිවැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ගෙනයමින් රටේ කිර්ති නාමය ආරක්ෂා කරමින් රටේ දියුණුවට ජාත්‍යන්තර සහයෝගය ලබාගත හැකි පරිසරයක්ද උදාවී ඇති බව අමාත්‍යවරයා සදහන් කළා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment