දසුන් නිශාන් ‘කීල්ස් කොල්ලා ‘ මින් පසු නෑ


ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසල් ජාලයක් වන කීල්ස් සුපර් හි ප්‍රචාරණ කටයුතු සඳහා සමුගත් දසුන් නිශාන් කලක් සම්බන්ධව සිටියේය.

එම සුපිරි වෙළෙඳ සලට ඇතුළු වන අවස්ථාවේ බඩු මල්ලක් අතින් අරන් සිටින ‘කීල්ස් කොල්ලා‘ ලෙස
ඔහු කාගේත් අවධානයට ලක්වන ජීවමාන කාඩ්බෝඩ් අනුරුවකින් පෙනී සිටියේය.
ඔහු සමග මෙම ජීවමාන රෑප සඳහා පෙනී සිටි අනෙක් තැනැත්තා වූයේ සුපිරි ක්‍රීඩක සංගක්කාරයි.
මේ නිසාම දසුන් සංගක්කාරගේ මිතුරෙකුද විය.
දසුන් සතුවූ කඩවසම් ප්‍රියමනාප පෙනුම නිසාම මෙම නිරූපණය සඳහා ඔහුව තෝරාගෙන තිබුණි.
දසුන් වෙළෙඳ දැන්වීම් 60 කට අධික සංඛ්‍යාවකට දායකවූ ශිල්පියෙකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment