යුද හමුදාව යාපනය බලකොටුවට යවන්න හදයි - උතුරු ආණ්ඩුකාරවරයා

යුද හමුදාව යාපනය බලකොටුවට යවන්න හදයි - උතුරු ආණ්ඩුකාරවරයා

උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ බෞද්ධ විහාරස්ථාන වල විහාරාධිපති වරුන් සමග වව්නියාවේදී පැවති සාකච්ඡාවකදීය.

එහිදී උතුරු ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් කියා සිටියේ ,
‘යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක් මම යෝජනා කරා ජනාධිපති තුමාට. ඒක නිදහස් කරල නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න දෙන්න කියලා. ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී යාපනය බලකොටුව තියනවා. අපේ හාමුදුරුවනේ මේ බලකොටුව අක්කර 45 ක් තියනවා. නගර මැද්දේ තියෙන්නේ බලකොටුවක් කියන්නේ. සාමාන්‍යෙයන් හමුදාව පොලීසිය ඉන්න ඕන තැනකට පෘතුගීසි කාරයොත් ඔතන හිටියා. ලන්දේසි කාරයොත් ඔතන හිටියා. ඉංග්‍රීසි කාරයොත් ඔතන හිටියා අපේ හමුදාවත් ඔතන හිටියා. දැන් අපේ හමුදාව බලකොටුවෙන් එලියට ඇවිල්ල බලකොටුව නිකං තියනවා, සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල ඔහෙන් මෙහෙන් කෑලිවල ඉන්නවා. නැවත ඔවුන් බලකොටුව කරා ගමන් කරොත් සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ටික ඔවුන්ට නිදහස් කරන්නත් පුලුවන්. ඒ වගේම අපේ නීත්‍යානුකූල අයිතිය තුල අපි එතෙන්ට යන එක සාධාරණයි කියල තමයි මගේ මතය. මම ඒ ගැන යෝජනා කරලා ඇරලා තියනවා ඒ වගේ වෙලාවකදී අර සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරල අපිට වැඩකටයුතු සිදුකරගෙන යන්න පුලුවන් කියන එකයි මගේ විශ්වාශය.යනුවෙනි.

- වන්නි රොමේෂ් මධුෂංඛ-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment