සයිටම් වෙතින් මහාචාර්ය කාලෝට නිවේදනයක්!

සයිටම් වෙතින් මහාචාර්ය කාලෝට නිවේදනයක්!


දිගින් දිගටම කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ සයිටම් ආයතනය රු.මිලියන 1265ක ලාභයක් වාර්තා කර ඇති බවයි. නමුත් ආදායම හා ලාභය අතර වෙනස නොදැනීම නිසා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවයි එම නිවේදනයෙන් පවසන්නේ. එලෙස අසත්‍ය ප්‍රචාර සිදු කිරීම කාලෝ ෆොන්සේකා මහතාගේ තත්ත්වයට පවා සුදුසු නැතැයි ඔවුන් පෙන්වා දෙයි.

තවදුරටත් එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.

"සයිටම් ආයතනය ඉදිකරන ලද්දේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ආයෝජනයක් වශයෙනි.  රු. මිලියන 700 ක වියදමින්, මාලඹේ ප‍්‍රදේශයේ අක්කර 4 ක ඉඩමක,  වර්ග අඩි 120,000 ක ඉඩකඩකින් යුතු ගොඩනැගිලි සහිතව එය ඉදිකරන ලදී.සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වීම නිසා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණුව ලබාදීමට අංගසම්පූර්ණ රෝහලක්ද ඉදිකිරීමට සයිටම් ආයතනය කටයුතු කළේ ය. මෙහි ඉදිකිරීම් සඳහා එම ආයතනය විසින් රු. බිලියන 2 ක ණය මුදලක් ලබාගන්නා ලදී. මෙම ණය සඳහා නැවත ගෙවීම් ලෙස වාර්ෂිකව රු. මිලියන 500 ක මුදලක් ගෙවීමට සයිටම් ආයතනය කටයුතු කරන අතර ඊට අමතරව එම ආයතනයට වෙනත් මෙහෙයුම් වියදම්ද දැරීමට සිදුවේ. "

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාඨමාලා ගාස්තු ලෙස ලැබෙන මුදල් සහ රෝගීන්ට සේවා සැලසීමෙන් ලැබෙන ආදායම නැවත ඔවුන්ගේ සුභසාධනයට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමට සයිටම් ආයතනය කටයුතු කරන බවයි ආයතනයේ කළමණාකාරිත්වය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment