නෙළුම් කුලුනේ ඉදිකිරීම් මාර්තු මාසයේදී අවසන්.

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05දා) පෙරවරුවේ  නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී අදාළ ඉංජිනේරුවන් සමග සුහද කතාබහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමටද උපදෙස් ලබා දුන්නේය. 

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුලුනේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එය සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියකින්ද සමන්විතය. 

මෙම සියලු ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ජනාධිපතිවරයාට ප්‍රකාශ කළහ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment