සමුගත් දසුන් නිශාන් ගැන ටෙලිනිළි විනූ සිරිවර්ධන සතිඅන්ත පුවත්පතකට දැක්වූ අදහස් පහත පරිදිය.
‘දසුනුයි මමයි සෑහෙන්න නිර්මාණ ගණනාවක වැඩ කරලා තියනවා. දසුන් කියන්නේ හොඳ සහෝදරයෙක්.
අපිට ඇති වෙන පොඩි පොඩි ගැටළුවලදි
ළඟට ඇවිත් ආදරෙන් කියලා දෙනවා ඊට මූණ දෙන විදිහ. ඇත්තටම ආරංචිය ලැබුණ වෙලාවේ මම හිතුවේ මේ මොකක් හරි රඟපාන දෙයක් දෝ කියලයි. නමුත් ඇත්තටම දසුන් ගිහින්. දසුන්ට ප්‍රශ්නයක් තියනවා කියලා දන්නවානම් මොනම විදිහකින් හරි එයාගෙ හිත හදනවා. නමුත් දැන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. මේක ඔහු ගත්ත ඉක්මන් තීරණයක් දසුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සසරේ කවදාවත් මෙවන් අකල් මරණ නොවේවා..‘
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment