විභාග වංචාවේ පියාට සහ පුතුට ඇප ලබා දීමට පොලිසියට බලපෑම් !

විභාග වංචාවේ පියාට සහ පුතුට ඇප ලබා දීමට පොලිසියට බලපෑම් !

 

මෙම විභාග වංචාව සම්බන්ධ නඩුව හෙට (4) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවෙන අතර අදාල සිසුවාගේ පියා වන පොලිස් උප සේවයෙහි සහකාර පොලිස් අධිකාරී බංගම ආරච්චි පොලිස් රෝහලෙහි දන්ත වෛද්‍යවරයකු බැවින් ඔහුගේ සේවය ලැබූ සියල්ලන්ම පාහේ මෙය ඉතා කුඩා සිදුවීමක් බවත්, දරුවෙකු විභාගයෙන් සමත් කරවීම සඳහා කළ යමක් බවත්, මීට වඩා විශාල වංචා අනන්තවත් රටේ සිදුවන බවත් වශයෙන් කරුණු දක්වමින් ඔවුන්ට ඇප ලබා ගැනීම සඳහා පොලිසියට බලපෑම් කරමින් සිටිති. 

මෙම බලපෑම් කරන පිරිස් පවසන්නේ විනිසුරුගේ ප්‍රශ්නයක් නොමැති බවත් පොලිස් විරෝධයක් නොමැති නම් විනිසුරු ඇප ලබා දීමට එකඟ වී ඇති බවත්ය. එහෙයින් ඇප අයදුම් කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ නොකරන ලෙසට අදාල පිරිස් පොලිසියට බලපෑම් කරමින් සිටී. සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ බැවින් 'රාජකීය' නාමය රැකගැනීම වෙනුවෙන් උත්සාහ දරන ආදි රාජකීයයන් පිරිසක් ද මෙසේ බලපෑම් කරන්නවුන් අතර සිටිති. 

මේ සියල්ල සිදුවන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් අදාල සිසුවාට තම දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයකට ඉදිරිපත් නොවන ලෙස වසර 05ක් සඳහා තහනමක් පනවා ඇති පසුබිමක් තුළය. විභාග දෙපාර්තමේන්තුව ආදර්ශමත් අන්දමින් කෙළින් තීරණ ගත්ත ද පොලිසිය නීතිය නැවීමට උත්සාහ දරමින් සිටීම ඛේදජනකය. 

පසුගිය උ.පෙළ විභාගයෙහි රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු විසින් තාක්ෂණික උපකරණ ආධාරයෙන් ප්‍රශ්න පත්‍රය ඒ මොහොතේම ඡායාරූප ගතකර ජිනේන්ද්‍ර රණසිංහ නම් ටියුශන් ගුරුවරයකු වෙත යවා ශ්‍රවණ උපකරණයක් ආධාරයෙන් ඔහුගෙන් පිළිතුරු අසාගෙන ලියමින් විභාග වංචාවක් කළ බවත් අදාල සිසුවාගේ පියා එම ටියුශන් ගුරුවරයාට රුපියල් ලක්ෂ 10ක් ගෙවා ඇති බවටත් තොරතුරු අනාවරණය විය. සිසුවා සහ සිසුවාගේ පියා ඉක්මනින් ම අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු අතර ප්‍රදේශයෙන් පලාගොස් සිටි ටියුශන් ගුරුවරයා ද පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. හෙට ඔවුන් තිදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

සබැඳි පුවත් - 

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේදී රාජකීය ප්‍රෝඩාවක්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment