එදා මහින්ද මම කියපු දේ …. පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කියපු දේ ඇහුවේ නෑ….

MS_66

රටක් බරපතල අසීරුවකට වැටුණු විට රටකට බරපතල අභියෝග එල්ලවුණු විට ලෝක ඉතිහාසයේ සාක්කි සාධක අපමණයි ඒ රටේ දේශපාලන ආගමික ආදී බේද නොසලකා එකට එක්වූ අවස්ථා තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් සදහන් කළා.

"යුද්ධවලට මුහුණ දෙන්න ඒ රටවල් එකට එකතු වුණා. ජපානය, වියට්නාමය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය පක්ෂ බේද ආදී සියලු බේද අමතක කළා. ශ්‍රීලනිපය එජාපයත් සමග සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ සංගීත පුටු තරගයකට නෙමෙයි. විනෝදයට නෙමෙයි. 015 ජනවාරි 8 ජනාධිපතිවරය පවත්වන්න කලින් එදා හිටපු ජනපතිට මම තමයි පක්ෂ ලේකම් විදියට 2014 අප්‍රේල් ලිඛිතව දුන්නා මැතිවරණයකට යන්න එපා යුද්ධයෙන් පසු කළ යුතු වැඩ ගොඩක් තිබෙනවා ඒවා නොකර ඡන්දයකට යන්න එපා මේ කරුණු ඉෂ්ට කරන්න කියලා මම කරුණු 6ක් ලිඛිතව දුන්නා. මම කිව්වා දේශපාලන ප්‍රතිසංස්කරණවලට යමු. රට තුළ කළ යුතු වෙනස්කම්වලට යමු. සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය ගොඩනගලා යමු කියලා. මම කියපු දේ ඇහුවේ නෑ. පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කියපු දේ ඇහුවේ නෑ."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment