කිසිවෙකුටවත් රණ විරුවන්ට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ - ජනාධිපති (වීඩියෝ)

කිසිවෙකුටවත් රණ විරුවන්ට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ - ජනාධිපති (වීඩියෝ)

 

LTTE සංවිධානයෙන් මුදල් ගන්නා එම සංවිධානයට හිතවත් රාජ්‍ය නොවන සංවිධාන කියන විදිහට නටන්න තමන් සුදානම් නැති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. රටට ආදරය කරන රාජ්‍ය නොවන සංවිධාන සමඟ වැඩ කිරීමට පසුබට නොවන බවද හෙතෙම පැවසීය.

"බඩු මිල, ජීවන වියදම, රැකී රක්ෂා ප්‍රශ්න අද පැහැදිලිවම තිබෙන ප්‍රශ්න. ජාත්‍යන්තරය ඉදිරියේ අපට තිබුණු ප්‍රශ්න එක්ක ඒවා ප්‍රාථමිකයි. ඒවා අපට විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා කුමන විවේචන ආවත් ඒ කළ යුතු මූලික කාර්යය මේ රට නිදහස් කරගැනීම ජාත්‍යන්තරය හමුවේ වූ චෝදනාවලින් බේරාගැනීම අප කරලා ඉවරයි. රටක් බරපතළ අසීරුවකට වැටුණු විට, රටකට බරපතළ අභියෝග එල්ලවුණු විට, ලෝක ඉතිහාසයේ සාක්කි සාධක අපමණයි. ඒ රටේ දේශපාලන ආගමික ආදී බේද නොසලකා එකට එක්වූ අවස්ථා තිබෙනවා.

"ජාත්‍යන්තරව අප මුහුණ දුන් අභියෝග බරපතලයි. ඒ වගේම ජාතික දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් ගමනක් යන්න සූදානම් වුණු තොරතුරු සියල්ල මා ළඟ තිබුණු නිසා මම එළියට බැහැලා එජාපය ඇතුළු අනෙක් පක්ෂ සියල්ල සමග එකතු වුණා. සමහර අය කියනවා මේ ආණ්ඩුවේ වැරදි විවේචන සියල්ල. ඒ දේවල් නිවැරදි කළ යුතුයි. යන ගමනේ වෙනස්කම් බොහොමයක් තිබෙනවා. අද කියන කරුණුවලට වඩා 2015 ජනවාරි 8 මේ රටේ ජනතාව මාව ජනාධිපති ලෙස පත්කර නොගත්තා නම් මේ රට තිබෙන්නේ කොතැනද කියා උගත් බුද්ධිමත් බහුශ්‍රැත ජනතාවගෙන් අහන්න කියා මම කියනවා. මුළු ජාත්‍යන්තරයම ඔබෙත් මගෙත් මාතෘ භූමියට එරෙහිව අවි අමෝරාගෙන සිටි කාලයක් 2013-2014. අපට ඔළුව උස්සන්න බැරි පසුබිමක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගී තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආරක්ෂක මණ්ඩලයේ දී අපි පැරදුණා."

"අපි ජාත්‍යන්තරයට මුහුණ දී ජයග්‍රහණ ලබාගත් සේම තවත් ජයග්‍රහණ ලබාගත යුතුයි."

 පවතින   අසුන්දර ණය බර මේ රට පත්වෙලා තිබෙන තත්ත්වයෙන් ගොඩගන්නට මෙම  සම්මුතිවාදී ආණ්ඩුව වැදගත් බවත්  ජාත්‍යන්තර අභියෝගයේ ඉතිරි කොටස ජයගැනීමට පෙරට එන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment