ඉන්ධන පිරවුම්හලේ තෙල් පානීය ජලයට මුසුවේ!

ඉන්ධන පිරවුම්හලේ තෙල් පානීය ජලයට මුසුවේ!

 

මෙහිදී වතු කම්කරු ජනතාව සිය විරෝධය පලකරනු ලැබුවේ අපවිත්‍ර වූ පානීය ජල බෝතල්ද පෙන්වමිනි .

එම ඉන්ධන පිරවුම් හලේ නිකුත් කරන ඉන්ධන කොටසනක් බිමට පතිත වී වර්ෂාවත් සමගම ඉන්ධන පිරවුම් හල අසලින් මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ගලා බසින බවත් ඉන්ධන පිරවුම් හලේ සේවකයන්ද පවසති.

මෙම ඇළ මාර්ගයකට ජලනල යොදා ගනිමින් එම වතුයායේ වතුකම්කරුවන් පානීය ජලය ලබා ගනී.

මෙම ඉන්ධන පිරවුම් හලේ සහ ඊට යාබදව තිබෙන සංචාරයක හෝටලයක මළ අපද්‍රව්‍යද එම ඇළ මාර්ගයට ජල නල ඔස්සේ මුදාහැර තිබෙන බව වාර්තා වේ. විරෝධතා කරුවන් මේ පිළිබදව වටවල පොලිසියේ පැමිණිළි කළහ.

මේ සම්බන්ධයෙන් අප කළ විවසීමේදී ඉන්ධන හලේ කළමනාකරු වි.ක්‍රිෂාන් පවසා සිටියේ මෙම ඉන්ධන කාන්දුවට පරිසර විසදුමක් ලබා දෙන ලෙස තම ඉන්ධන පිරවුමිහලේ අයිතිකරුට දැනුම් දීමක් කර ඇති බවයි. ඒ අනුව ඉදිරියේදි වතුකම්කරුවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කරන බවද එම ඉන්ධන පිරවුම්හලේ කළමණකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.

හැටන් රංජිත් රාජපක්‍ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment