වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.
බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනය කළ බව කියන සිද්ධියට හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා කෙළින්ම සම්බන්ධ බවට හිටපු හමුදාපති µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා මහතා විසින් චෝදනා කර තිබිණි.
ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති වූ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එවකට සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීහු කීපදෙනෙක් තුවාල ලැබූහ.
මෙම සිද්ධියෙන් සහ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා කණ්‌ඩායමක නම් ලැයිස්‌තුවකට අනුව රැඳවියන් තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ ප්‍රධාන සාක්‍ෂිකරු වූ සුරේෂ් නන්දිමාල් මහතාගේ මොරටුවේ පිහිටි නිවසට නාඳුනන පිරිසක් විසින් පසුගියදා වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.
වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ නිලධාරීන් පිරිසකට අද හෙටම දැනුම් දීමට කටයුතු කරන බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment