බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ

බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ

 

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම දැනුම්දීම සිදු කර තිබේ. නව වැඩබලන වෛද්‍ය නිලධාරිවරයා දෙසතියක් තුළ බන්ධනාගාර රෝහලේ පවතින ගැටලු අවසන් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත. ඉදිරි කාලයේ දී විධිමත් ලෙස ස්ථීර වෛද්‍ය නිලධාරීවරයෙකු බන්ධනාගාර රෝහලට පත් කිරීමට නියමිතය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා 26 ක් ඇතුලත් ලිපියක් ද පසුගියදා බාරදෙන ලදි. එම ලිපියේ ඇතුලත් චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ පසුගිය දිනවල සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ සදහා විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ලයනල් ප්‍රනාන්දු මහතා සහ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා පත් කිරීමට නියමිතය. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදුව ඇතැයි පැවැසෙන අකටයුතුකම් පරීක්ෂාකර පුර්ණ විමර්ශණයක් පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා එම පරීක්ෂණ කණ්ඩායමට දැනුම්දීමට නියමිතය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා මහතා, හේමන්ත බෙනරගම මහතා, අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතා එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment