ඩ්‍රයිවරුයි සිකියුරිටියි සිලින්ඩරේ හරියට චෙක් කරපු නැති නිසා ගිනිගත්තේ- ගීතා


පසුගියදා නිවසේ ගෑස් සිලින්ඩරයක ඇතිවූ ගිනි ගැනීමක් නිසා තුවාල සිදුවී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර
ලැබූ පාර්ලිමේන්තුමන්ත්‍රීනී
ගීතා කුමාරසිංහ මහත්මිය පොලිසියට ලබාදී තිබෙන කටඋත්තරය අනුව මෙම ගින්නට හේතුව නිවසේ නව ගෑස් සිලින්ඩරය සේවකයින් අතින් නිසි පරීක්ෂාවට යොමු නොවීම යයි සඳහන් කර ඇත.
ඇය පවසන්නේ ඇය සිද්ධිය වූ දිනයේ බුදු පහන දැල්වීමට උවමනාවී ගෑස් ලිප ක්‍රියාත්මක කරන ලද බවත් එම අවස්ථාවේ අනපේකෂිත ලෙස ගෑස් ලිපම ගිනි ජාලාවක් බවට පත්වූ බවත්ය.
නිවසේ රියදුරු හා ආරක්ෂක සේවයේ නියුතු දෙදෙනා ඊට ටික වේලාවකට පෙර ගෙනවිත් තිබුණ අලුත්ම ගෑස් සිලින්ඩරය හා අදාළ නලය ලිපට සවි කිරීමේදී බුරුල්ව තිබෙන්නට ඇති බවත් මෙම ගින්නට හේතුව ඔවුන් නිසි පරීක්ෂාවකින් තොරව එම කටයුත්ත සිදු කිරීම බවත් ගීතා දන්වා ඇත.
එම ගින්න නිසා ගීතා කුමාරසිංහගේ හිස කෙස් අත් උදරය පිලිස්සීම් වලට ලක් විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment