දුම්රියට GPS - කොල්ලුපිටියේ සිට විනෝදාස්වාද වෙරළක්.

GPS(ගෝලීය පිහිටුම් පද්ධති තාක්ෂණය) හඳුන්වා දීම මගින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂ්මතාව වැඩිදියුණු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

GPS තාක්ෂණය ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය පාලක මධ්‍යස්ථාන සම්බන්ධ කිරීම, ස්වයංක්‍රීයව දුම්රිය කාලසටහන් සකස් කිරීම, දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සියලු වාර්තා ජනනය කිරීම, දුම්රිය ප්‍රමාද අධීක්ෂණ පද්ධති විශ්ලේෂණය ආදී පුළුල් විෂය පථයක් ආවරණය කරමින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂ්මතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරයි.

එසේම මහජනතාව වෙත දුම්රිය සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා GPS තාක්ෂණය යොදාගැනීම තවදුරටත් පුළුල් කිරීමටද මෙහිදී අපෙක්ෂා කරයි.

රුපියල් මිලියන 31.8ක මුදලකට මෙම මෙහෙයුම් පද්ධතිය ලබාගැනීමට පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ ප්‍රදේශයක්

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරය විනෝදාස්වාද වෙරළ ප්‍ර‘දේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

කොළඹ නගරයේ හා තදාසන්න ප්‍ර‘දේශවල වෙසෙන ජනතාවට පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක්  ලෙස මෙම  ප්‍රදේශය සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.

මේ හරහා මුහුදු ඛාදනය අවම කර ගැනීම හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීමටත් මෙයින් අපේක්ෂිතය.


ඒ පිළිබඳව වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment