වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!

වසර 12000ක් පැරණි මානව නටඹුන් වව්නියාවේ ගමකින් මතුවේ!


පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන් මේ බව කියා සිටින්නේ පසුගිය දිනවල කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ කැනීමකින් පසුවය.

අදාල කැනීම් කළ කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ කැනීම් අවසානයේදී ඉතා පැරණි සෙල්ලිපි 07 ක්, චෛත්‍ය ,ප්‍රතිමාඝර ,බෝධි මණ්ඩප මෙන්ම බුදුපිළිම වහන්සේලාගේ නටබුන් රැසක් දැක ගැනීමට හැකිය.

එහි එක් සෙල්ලිපියක සඳහන් වන්නේ ‘බත ගිරි තිසහ ලෙනේ’ යනුවෙන්ය එයින් සඳහන් වන්නේ ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන වශයෙන් කැනීම් සිදුකළ හිමිවරුන් කියා සිටියහ.

වසර දහස් ගණනක් පුරාවට මේ වන තුරුත් කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ස්ථානය උතුරු පලාතේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක වැදගත් තොරතුරු රැසක් පිළිබඳව තොරතුරු සොයාගත් විශේෂම කැනීම මෙය වන බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියන් කියා සිටියේය.
එමෙන්ම මෙම කැනීම් වලින් වසර 12,000 කට එහා සිටි බවට සැකකෙරෙන මානව අස්ථි දෙකක්, එදා මානවයා භාවිත කල බවට සැකකෙරෙන සත්ව අස්ථි ආයුධ, ගල් ආයුධ, යකඩ බාවිත යුගයට පෙර බාවිතා කළ කහඳ වැනි දේ සම්බන්ධයෙන් නියම කාලනිර්ණයක් ලබා ගෙන දෙසැම්බර් මස වන විට අවසන් වාර්ථාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියන් වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විටත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සියල්ල නිධන් සොරුන් විසින් විනාශ කොට ඇති බවටද දැක ගත හැකිය එහිදී විශාල කිරිගරුඩ බුදු පිළිමයක්ද විනාශ කොට ඇති අයුරුද දැක ගත හැකිය.

 

කැනීම් සිදුවූ ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන හා අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරුන් කැනීම් සිදු කරන අයුරු

 ප්‍රාග් ඓතිහාසික මිනිසුන් ආහාරයට ගත් සතුන්ගේ රූපයක් ලෙනේ ඇඳ ඇති අයුරු


කැනීම් වලින් ලබා ගන්නා ද්‍රව්‍ය එක් රැස් කරන අයුරු


වසර දහස් ගණනක් පැරණි සත්ව අස්ථි කැනීම් වලන් හමු වී ඇති අයුරු


 නිධන් සොරුන් විසින් සිදු කර ඇති විනාශයන් හා කිරි ගරුඩ බුදුපිළිමයක්ද විනාශ කොට ඇති අයුරු


හමු වූ සෙල්ලිපි.


අනුරාධපුර ශ්‍රීලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව විෂයබාර කතිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන්

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment