ජනපති පුතුගෙන්, මාස 3කින් පුංචි දෙව්මිණීට අලුත් නිවසක්!


පසුගිය මැයි මාසයේ රටටම බලපෑ ගංවතුර තත්වයෙන් බොහෝ දෙනෙකුට තම උන්හිටි ස්ථාන අහිමි වුණා. මෙම ආපදා තත්වය හේතුවෙන් කිහිප දෙනෙකුට තම ජීවිතද අහිමි වුණා. මේ අතර මෙම ආපදා තත්වයත් සමග කලු ගඟේ රුදුරු බවට හසුව පියකුගේ රැකවරණයද අහිමි වූ දියණියකගේද, ස්වාමි පුරුෂයකුගේ රැකවරණයද අහිමි වූ බිරිඳකගේද ජීවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඒ ගංවතුරට හසුව එතෙක් කල් ඔවුන් විසු කුඩා නිවස ජල රකුසා රැගෙන ගියේ දෙව්මිනි දිනේත්‍රා දියණියගේ සහ මවගේ අහිංසක හීනද ගංවතුරටම යට කරමින්ය

මෙම ආපදාවට ලක්වූ රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක් වන අතර නොකඩවා පන්තියේ පළමු තැන ලබාගන්නා දීප්තිමත් ශිෂ්‍යාවක් බවට ඇය ඉගෙනුම ලබන රත්නපුර, කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතු පියල් පුෂ්පකුමාර මහතා සඳහන් කර සිටියේ අප මෙම දැරිවියගේ විස්තර පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදීය. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග පිළිතුරු ලබාදී පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන තිබෙනවා. පියාද අහිමි දෙව්මිනිගේ මව ඇයව පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙන් බවත් සඳහන්.

මාස දෙකයි 2 දින 15ක කාලයකින් ඉදිවූ නව නිවෙස පුංචි දෙව්මිණී සතු වෙයි..!

ගංවතුරේ ගසාගෙන ගිය පුංචි දෙව්මිනී සහ අම්මාගේ ජීවිතවලට නව එළියක් ලබා දෙමින් බලාපොරොත්තු වූ කාලයටත් වඩා ඉක්මනින්ම සියලු පහසුකම් වලින් පරිපූර්ණ වූ නව නිවෙස ඉදිවූ අතර එය පුංචි දෙව්මිනීට ලබා දීම කැටේපොල ශ්‍රී අභිනවාරාමාධීපති හිම්මන්තුඩාවේ සිරි රතන ස්වාමින්වහන්සේගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද දින (ඔක්තෝම්බර් මස 06 වන දින) උදෑසන 10.06ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

ඉදිවූ අංගසම්පූර්ණ නිවෙස කාමර 3 ක්, ආලින්දයක්,මුලුතැන්ගෙයක් සහ නාන කාමරයකින්ද සමන්විත අතර නව නිවෙස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩද මේ සමග ලබා දෙන ලදී.

මෙම සතුටුදායක අවස්ථාව සඳහා පැමිණ සිටි කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගම්වාසීන් දහම් සිරිසේන මහතාගේ මෙම ක්‍රියාව ඉතා ප්‍රංශසාත්මකව අගය කල අතර, ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වූයේ කැටේපොල ගමට එන මාර්ගයද පිළිසකර කරදෙන ලෙසය. එහිදී ඒ පිළිබඳවද සිය අවධානය යොමු කරන බව දහම් සිරිසේන මහතා කියා සිටියේය.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment