ඇමරිකාවේ ලස් වේගාස් වෙඩි තැබීමෙන් 50කට වඩා මරුට. 200කට වඩා තුවාළයි.

ඇමරිකාවේ ලස් වේගාස් වෙඩි තැබීමෙන් 50කට වඩා මරුට. 200කට වඩා තුවාළයි.

සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ රතිඤ්ඤා පුපුරන හඬ මෙන් නොකඩවා වෙඩි ශබ්ද ඇසුණු බවයි. එය මැෂින් තුවක්කු ආධාරයෙන් සිදුකළ බවද වාර්තා වේ. වෙඩි තැබීම සිදුවී තිබෙන්නේ මැන්ඩෙලෙයි බේ ප්‍රදේශයේ පැවති Route 91 Harvest Festival නමැති සංගීත සන්දර්ශනයක වන හෙයින් මේ වන විට මෙම සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ ‘මැන්ඩලෙයි බේ සංහාරය’ යනුවෙනි. 

පොලිසිය විසින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 64 හැවිරිදි ස්ටීවන් පැඩක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඔහුද පොලිස් වෙඩි තැබීමෙන් මරණයට පත්විය. ඔහුට සහායිකාවක් ද සිටි බවත්, ඇය මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව තවම හඳුනාගෙන නැත.

-අමාලි ජයවීර

සංගීත සන්දර්ශනය අතරතුර වෙඩි තැබීම ආරම්භ වූ අයුරු  ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබුණේ මෙසේ ය. 

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment