ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු සතුට සමරයි
විශේෂත්වය වන්නේ මෙය අබුඩාබි ක්‍රීඩාංගනයේදී පකිස්තානු කණ්ඩායමට හිමි වූ පළමු පරාජයයි.
 
ලකුණු 136 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානු පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි. පකිස්තානු ඉනිමි සුන් කළ රංගන හේරත් කඩලු 6 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් ලබාදුන් දිල්රුවන් පෙරේරා කඩුල 3 ක් බිඳ දැමීමට සමත් විය.
 
ඒ සමගින් රංගන හේරත් සිය ටෙස්ට් කඩුලු මල්ලට 400 වැනි කඩුල්ලත් එක්කර ගැනීමට සමත් වූයේ වාර්තාවක් ද සමගිනි. ඔහු අද කඩුලු 400 ක් දවාගත් පළමු වමත් දඟපන්දු යවන්නා බවට පත්විය.
 
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 419 ක් ලබාගත් අතර එයට පිළිතුරු ලෙස පකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 422 ක් ලබා ගත්තේය. ලකුණු 03 ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 138 කට දැවී ගියේ පකිස්තානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් ලබා දෙමිනි. අබුඩාබි තනතිල්ලේ සිව්වැනි ඉනිම දඟ පන්දු යවන්නන්ට උපරිම සහයෝගය දක්වන තනිතල්ලක් වන අතර එහි උපරිම වාසිය ලබාගත් හෙරත්-දිල්රුවන් සුසංයෝගය කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමුකිරීමට සමත් විය.
 
පළමු ඉනිමේ කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 6 ක් දවා ගනිමින් තරගාවලිය පුරා කඩුලු 11 ක් ලබාගෙන ජයග්‍රහණයේ නියමුවා වූ රංගන හේරත් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment