රංගනගේ පන්දු හමුවේ පකිස්තානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්


රංගනගේ පන්දු හමුවේ
පකිස්තානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

අබුඩාබිහි පැවති ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී 419 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 422 ක් ලබා ගත්තා. පසුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ කඩුලු 10 ලකුණු 138 දැවී අසීරු තත්වයක්
පෙන්නුම් කළත්

ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක පහසු ඉලක්කයක් හඹා යාමට පාකිස්තාන පිලට බැරි විය. ඉනිම සුනු විසුනු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 21 ක තියුණු ජයක් සටහන් කළා.
අගනා පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් කඩුලු 6 ක් දවාගත්තා.
කලකට පසු ලද මෙම ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාද ට්විටර් පණිවිඩයක් නිකුත් කර සුභ
පැතුම් එක් කර තිබුණා.
අද දින තරගයේදී සිය 400 වන ටෙස්ට් කඩුල්ල ලබාගැනීමට රංගන සමත් වුණා.
අද තරගයේ වාර්තා අතර අඩුම 4 වන ඉනිමේ ලකුණු ගණන අභියෝග කර ලබාගත් ජයග්‍රහණය, ලංකාව අඩුම ලකුණු පරතරයකින් ලබාගත් ජයග්‍රහණය ආදියද විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment