ජර්මනිය තුළ සමරිසි විවාහය නීතිගත වූ දාම පළමු යුවළ යුග දිවියට ...

ජර්මනිය තුළ සමරිසි විවාහය නීතිගත වූ දාම පළමු යුවළ යුග දිවියට ...

බර්ලින් හී ෂෙනෙබර්ග් නගර ශාලාවේදී ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම සිදු වූ අතර මෙම දිනයේම ජර්මනියේ අනෙකුත් ප්‍රා දේශිය විවහා ලියා පදිංචි කාර්යාල වලදී සිය විවාහයන් සිදු කර ගැනීමට යුවළ රැසක් සදහා අවස්ථාව ජර්මන් රජය විසින් උදා කර දී තිබුණි.

අනෙකුත් විවාහකයින් සදහා ලබා දෙනු ලබන සියලු වරප්‍රසාද හා බදු අයිතීන් සමරිසි විවාහකයින් සදහා ද ලබා දෙන්නට ජර්මන් රජය විසින් තීරණය කොට තිබීම ජර්මන් වැසියන් ලද ජයග්‍රහණයක‍ි.

2001 වසරේ සිටම ජර්මනිය තුළ සමරිසි විවාහයන් සදහා ලියාපදිංචි වීමේ අවසර තිබුණද මෙවර සියළු වරප්‍රසාද සමග අන් විවාහකයන්ට ලැබෙන  සමාජ පිළිගැනීම මේත් සමග උදා වී ඇත.

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් විසින් සමරිසි විවාහය නීතිගත කිරීම ට එරෙහිව දියත් කර තිබූ පාර්ලිමේන්තුව තුළ දැක්වූ දිගු කාලීන විරෝධතාව නවතා දැමීමත් සමග ජර්මන් වැසියන් සදහා මෙම අවස්ථාව නීතිය මගින් තහවුරු කර ඇත .


බීබීසී ඇසුරින්
හංසනී සම්පත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment