ආණ්‌ඩුවේ පොල් අද සිට රු. 65 ට.


රජය සතු පොල් තොග අද (02 වැනිදා) සිට ගෙඩියක්‌ රුපියල් 65 ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි.

කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගෙන් ලබාගත් පොල් තොග ද මෙහිදී වෙළෙඳපොළට නිකුත් කරන බව පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය.

ජංගම රථ යොදාගනිමින් බෙදාහරින මෙම පොල් තොග නගර ආවරණය වන පරිදි හඳුනාගත හැකි ආකාරයෙන් වර්ණ ගන්වා ඇති බවත් ලබන බදාදා (4 වැනිදා) සිට සතොස වෙළෙඳසල් මගින් ද අඩු මිලට පොල් මිලදී ගත හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

පසුගිය කාලයේ පැවැති නියං සහිත කාලගුණය හේතුවෙන් පොල් අස්‌වනු ලැබීම් පහළ ගොස්‌ තිබිණි. මේ හේතුවෙන් රට තුළ පොල් හිඟයක්‌ ද පැවතිණි. කොළඹ, හම්බන්තොට, මාතර දිස්‌ත්‍රික්‌කවලට ඉන් වැඩිම බලපෑමක්‌ එල්ල විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment