රග්බි පුහුණුවේදී සිසුවා මියයාම තවම අවිනිශ්චිතයි

ඇද වැටුණේ පිටියේදී නොවේ පාරෙදී
රග්බි පුහුණුවේදී සිසුවා මියයාම
තවම අවිනිශ්චිතයි


මහනුවර ත්‍රිත්ව විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයකු  පුහුණු වීම් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලේදී මියයාම තවමත් හේතු විනිශ්චය කරගන්නට බැරිවූ මරණයක් ලෙස වාර්තා තබා ඇත.
මහනුවර ත්‍රිත්ව විදුහලේ සිට පල්ලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගණය දක්වා ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා ප්‍රධාන මාර්ගයේ දුවමින් සිටියදී
පල්ලේකැලේ ප්‍රදේශයේදී 30 දා උදෑසන 11.00 ට

පමණ සිසුවා හදිසියේ සිහිසුන්ව ඇද වැටී ඇති බවත් පසුව ත්‍රිරෝද රථයකින් පෞද්ගලික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කර දිනකට පසුව ඔහු මියගිය බවත් පැවසුණා.
මෙසේ මියගියේ මහනුවර ‍බෝවලවත්ත ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි භාතිය ඒකනායක නැමැති දාහත් හැවිරිදි සිසුවෙකි. ඔහු අපොස උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
මොහුගේ පියාද ත්‍රිත්ව විදුහලේ බස් රථයේ රියදුරු මහතා ලෙස සේවය කරන අයෙකි. මියගිය භාතිය පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට නැඟණියක්ද සිටී.‍
සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ හා මහනුවර පොලීසි ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment