''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග

''ඛනිජ තෙල් සදහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි''- අර්ජුන රණතුංග

 

තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි.ඕ.සී සමාගම මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළ නමුත් දැනට තෙල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන ලෙස තමා පැවසු බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් අයි.ඕ.සී. සමාගමට අවශ්‍ය නම් තෙල් මිල වැඩි කිරීමේ හැකියාව ඔවුන්ට පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම, ඛනිජ තෙල් සංස්ථාව ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේදී සේවකයින් සංඛ්‍යාව වැඩි වීමද මහත් බලපෑමක් කරන බව ඔහු පෙන්වා දුන්නේය. උදාහරණයක් ලෙස අළුත් පිරිපහදුවක් සේවකයින් 250 - 300 පමණ සංඛ්‍යාවකින් පවත්වාගෙන යා හැකි නමුත් දැනට අපේ සේවකයින් 1,500ක් පමණ සිටින බව ඔහු ප්‍රකාශ කළේය. 

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන්ගේ මතය නම් ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන ලාභ ලබන ආයතන ලෙස නොව මහජන සේවය සලසන ආයතන ලෙස පවත්වාගෙන පවත්වාගෙන යායුතු බවය. එහිදී මධ්‍යස්ථ ස්ථානයක හිඳ සහන සලසන අතරම පාඩු නොලබන ආකාරයකට පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.  

ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව කියාසිටියේ ගාල්ල ප්‍රදේශයහි පැවති මාධ්‍ය හමුවකදීය.

- ඉඳුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment