ගාලු කොටුවට බර වාහන ඇතුළුවීම තහනම්!

ගාලු කොටුවට බර වාහන ඇතුළුවීම තහනම්!

ගාලු උරුමය සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතාගේ අත්සනින් යුතුව ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය නිකුත් කොට ඇත.

ගාල්ල කොටුවේ සෑම වීදියක් යටින්ම ලන්දේසීන් විසින් ඉදිකර ඇති පැරණි පල්දොරු පද්ධතියේ ආරුක්කු දැඩි ලෙස ඉරි තැළීමට ලක්වී ඇත්තේ ගාල්ල කොටුව තුළට දෛයිනිකව ඇතුළු කරන බස් රථ සහ අනිකුත් වාහන හේතුවෙන් බව පැවසේ.

 

බර වාහන ගමනාගමනය නිසා කොටුවේ පැරණි නිවාස පද්ධතියට හානි වී ඇති බව කොටුවේ නිවාස හිමියන්ගෙන්ද නිරන්තරව පැමිණිලි ලැබේ.

එසේම පසුගිය වසර තුන තුළ තිස්පස් වතාවක් ගාලූ කොටුවේ පැරණි කොටු දොරටුවේ බස් රථ වැදී හානියට පත්ව ඇත.

 

-වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment