කැටලෝනියානුවන්ගෙන් 90%ක් ස්පාඤ්ඤයෙන් වෙන් වෙන්න කැමතියි.

කැටලෝනියානුවන්ගෙන් 90%ක් ස්පාඤ්ඤයෙන් වෙන් වෙන්න කැමතියි.

ඊයේ පැවති ජනමත විචාරණය අතිශය උනුසුම් සහගත තත්වයක් වූ අතර, ස්පාඤ්ඤ පොලිසිය විසින් ඡන්ද පෙට්ටි පැහැරගැනීම ද වාර්තා විය. 400කට ආසන්න ඡන්ද දායකයෝ පිරිසක් පොලිස් ප්‍රහාරවලට ද ලක්වූහ.

ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාජොයි මුල පටන්ම කියා සිටියේ මෙම ජනමත විචාරණයෙන් සිදුවන්නේ සහජීවනයට බරපතළ හානියක් සිදුකිරීම පමණක් බවයි. ස්පාඤ්ඤයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ද මෙවැනි ජනමත විචාරණයක් නීති විරෝධී බැව් ප්‍රකාශ කර තිබිණි.

කැටලෝනියානු ජනමත විචාරණයේ අවසන් ප්‍රතිඵලය සහ ඒ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ඉදිරියේදී හෙළි කිරීමටම නියමිත ය.   

 -අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment