ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යයනයකට සුව ඇමැතිගෙන් ලොවටම ආරාධනයක්

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යයනයකට සුව ඇමැතිගෙන් ලොවටම ආරාධනයක්
විවිධ රටවල් නියෝජනය කරමින් ජනාධිපත්වරුන් 05 දෙනෙකු සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු එම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මන්ත්‍රණයට සහභාගි වුයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතායි.
 
සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින්, බෝ නොවන රෝග පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කථාව ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් පිළිගැනීමට ලක් කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය ශක්තිමත් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.
 
මානසික සෞඛ්‍ය පිළිබද සැසිවාරයේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'පසුගිය වසර 15 තුල ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. විශේෂයෙන්ම පශ්චාත් සුනාම් සමයේ දී මානසික සෞඛ්‍ය නංවාලීම සදහා ගත් ක්‍රියාමාර්ග හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වාදීමට පුලුවන්. මානසික සෞඛ්‍ය පිළිබදව සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ පුහුණූවක් ද ලබාදී තිබෙනවා. තව ද සෑම දිස්ත්‍රික්කයකම මානසික වෛද්‍ය උපදේශකවරුන් පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මානසික සෞඛ්‍ය සදහා වන වෛද්‍ය නිලධාරී තනතුරක් නිර්මාණය කිරීම සැළකිය යුතු වර්ධනයක්. මේ වනවිට එවැනි නිලධාරීන් 252 ක් දිවයින පුරා සේවය කරනවා. 2005 -2015 ශ්‍රි ලංකා මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ දී සමාජය පදනම් කර ගත් අවශ්‍යතාවයක් පවතින බව හදුනා ගත්තා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණය මත ජාත්‍යන්තර ආධාර ආයතන මෙරට සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීමට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ප්‍රථම වරට 2015 වසරේ දී මධ්‍යම රජය අයවැයෙන් මානසික සෞඛ්‍ය උදෙසා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනු ලැබුවා. එය අඛණ්ඩව ලබාදීම අපගේ අරමුණයි. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සංවර්ධනය කර ඇති අතර රෝගී සත්කාරක සේවාව ද විධිමත් කර තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමෙන් මානසික සෞඛ්‍ය සායන පැවැත්වීම ද ශ්‍රී ලංකාව ගෙන ඇති තවත් ක්‍රියාමාර්ගයක් වනවා. එවැනි සායන 215 ක් මේ වන විට ක්‍රියාත්මකයි. පශ්චාත් සුනාමි සමයේ දී සමාජීය සහායක නිලධාරීන් 500 ක් පුහුණූ කර තිබෙනවා. ඉන් 84 ක් උතුරු නැගෙනහිර පළාත්වල රාජකාරී කටයුතු සිදු කරනවා. මානසික සෞඛ්‍ය පිළිබදව ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව නිරික්ෂණය කිරිම සදහා අනෙකුත් රටවලට මම මෙහි දී ආරාධනය කරනවා.'
 
 
rajitha 9
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment