අවසන් හෝරා කිහිපයේදී තරගය කණපිට පෙරළෙයි.


ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය මේ වන විට දෙපිළටම විවෘත වී තිබෙනවා.

ඒ, තරගයේ තුන්වන දිනය වූ ඊයේ (08) අවසන් හෝරා කිහිපයේ ශ‍්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලූ 05ක් බිඳ වැටීමත් සමගයි.

ඒ, පන්දුවාර 14යි පන්දු 03ක් තුළ ලකුණු 34ක් තුළදීයි.

දිමුත් කරුණාරත්න ලකුණු 07කට ද කෞෂාල් සිල්වා ලකුණු 03කට ද දැවී ගියා.

සධීර සමරවික‍්‍රම රැස් කළේ ලකුණු 13ක් පමණයි. සුරංග ලක්මාල් එක් ලකුණකට දැවී ගියා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 08යි. 

පකිස්තාන පළමු ඉණිම ඊයේ පස්වරුවේ නිමා වූයේ ලකුණු 262ටයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුල් 03 බැගින් බිඳ හෙළුවා.

සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ කඩුලූ 02 බැගින් බිඳහෙළීමට සමත් වුණා.

ශ‍්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 482යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලූ 05ක් අතැතිව පාකිස්ථානයට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටිනවා. අද තරගයේ සිව්වන දිනයයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment