ඊයේ රෑ හම්බන්තොට පොලිස් මෙහෙයුමක් - නාමල් පොලිසියට.


ඒකාබද්ධ විපක්ෂය ඉකුත්දා සංවිධාන කළ හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අද (09) සහ හෙට (10) හම්බන්තොට පොලිසියේ පෙනී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා. 

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර, දකුණු පලාත් සභා මන්ත‍්‍රී සම්පත් අතුකෝරාල සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප‍්‍රසන්නට අද දිනයේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ. 

ඩී.වී. චානක මන්ත‍්‍රීවරයාට හෙට දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා අද දිනයේ පොලිසිය හමුවේ පෙනි සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මේ අතර, ඉකුත්  දා පැවති විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් සෙවීම සඳහා ඊයේ රාත‍්‍රියේ හම්බන්තොට හා ඒ අවට ප‍්‍රදේශවල පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක වූ බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment