'මත්තල ජාත්‍යන්තර වෙළෙදාමට විවෘත කරනවා' - ඉන්දියාව.


මත්තල ගුවන්තොටුපළ තම සමාගමට හිමිවුවහොත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකරන බව ඉන්දියාවේ හයිද්‍රබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එස්‌. ජී. කේ. කිෂෝර් මහතා පැවසීය.

 මත්තල ගුවන්තොටුපළ හරිත ගුවන් තොටුපළක්‌ ලෙස පවත්වාගෙන යමින් එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා යොදාගත හැකි ගුවන් තොටුපළක්‌ බවට පත්කිරීමටත් වියදම් අඩු කර ලාභ උපයන ගුවන් තොටුපළක්‌ බවට පත්කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

 එසේම මත්තල ගුවන්තොටුපළ නගරයක්‌ ලෙස සංවර්ධනය විය යුතු බවද හයිද්‍රdබාද් රජීව් ගාන්ධි ගුවන්තොටුපළේදී පසුගියදා මාධ්‍ය හමුවක්‌ පවත්වමින් කිෂෝර් මහතා කියා සිටියේය.

-සුරේෂ් පෙරේරා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment