ගල්කිස්සේ දී ‍මියන්මාර් සරණාගතයින්ට හිංසා කළේ ස්ත්‍රී දූෂණයක් වසන් කරන්න?


ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කළේ ආගමන විගමන රැදවුම් භාරයේ සිටි මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක් වශයෙන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  පවසයි. 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කිරීමේ උත්සාහය ජාතිවාදී කෝලාහයකට වඩා සරණාගත ස්ත්‍රී දුෂණයක් වසන් කිරීම සදහා ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇති  පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවයි.

මිරිහාන කදවුරේ දී මියන්මාර් කාන්තාව දුෂණයට ලක් කළ බවට සැකකරන පුද්ගලයා අධිකරණය විසින් පැවැත්වූ පෙරට්ටුවේ දී සාක්ෂිකරුවන් විසින්  හදුණාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇති අතර පොලීසිය විසින් ඔහුගේ වැඩ තහනමට ලක් කොට ඇති බව පැවැසේ. 

එම නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් වන්නේ වින්දිත කාන්තාව සහ ඇගේ මස්සිනා වන  මොහෝමඩ් අමීන් නැමති අයයි.  

මෙම සිදුවීමෙන් පසුව ආගමන නිලධාරීන්, පොලීසිය, ආරක්ෂක අමාත්‍යාංශය හා බුද්ධි නිලධාරීන් ද නීතිපති දෙපාර්තමේන්තුව ද මෙම සරණාගත පිරිස වෙනත් ස්ථානයකට යොමු කිරීම සදහා එක්සත් ජාතීන් සමග එක්වී කටයුතු කර ඇති අතර  අගෝ. 8 දින ඒ සදහා අධිකරණ නියෝගයක් ලැබී ඇත.   ස්ත්‍රී දුෂකයින් විසින් මෙම සරණාගතයින් පිරිස හැකි ඉක්මනින් ලංකාවෙන් පිටත් කිරීමට උත්සහ දරා ඇත්තේ ඒ සමග බව පැවැසේ.

ගල්කිස්සේ සිදුවීමේදී මේ වන විට අත්අඩංගුවට පත්වී ඇති පුද්ගලයින් අතුරින් දෙදෙනෙකු පමණක් මෙහි  ප්‍ර‍ධානීන් වන අතර  අනෙක් අය නොදැනුවත්කමින් එයට සම්බන්ධ වූ අය බවත්  අයුතු ජන රාශිය මෙහෙයවා ඇත්තේ සැකකාර ස්ත්‍රීදූෂකයා හා ඔහුගේ සම්පතයින්  සමග සමීප ඇසුරක් පවත්වන චීවරධාරියකු බවත් කීර්ති තෙන්නකෝන් සිය මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කර ඇත.     
\
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment