වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

රියල් මැඩ්රිඩ් කණ්ඩයම වෙනුවෙන් ගෝල 33 ක් සහ පෘතුගාලය වෙනුවෙන් ගෝල 11ක් ඇතුළුව, තරග 48ක් තුළදී ගෝල 44ක් ලබා ගන්නට රොනාල්ඩෝ 2017 වසරේදී සමත්විය.

"මා ඔබ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා මට මනාපය පළ කළාට" ඔහු පවසා සිටියේය.

" මම කැමතී ලියෝ සහ නෙයිමර්ට මෙතනට ආරධනා කරන්නට, මෙය මට ඉතා සුවිශේෂී අවස්ථාවක්, මා මේ අවස්ථාවේදි මට සහය දැක්වූ රියල් මැඩ්‍රිඩ් කණ්ඩාමට, මගේ පුහුණුකරුට, මගේ රටේ ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.අපි එංගලන්තයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර මට පිට පිටම සම්මාන දිනාගැනීමට හැකිවුණා."ඔහු තවදුරත් පැවසීය.

මෙම වසර රොනාල්ඩෝට ජයග්‍රාහී වසරකි. මන්දයත් මෙම සම්මනයට අමතරව රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම හා එක්ව චැම්පියන්ස් ලීග් තරගාවලිය හා ලාලීගා තරගාවලිය ජයග්‍රහනයටත් ඔහුට හැකිවිය.

මෙහිදී ඕලන්ද ජාතික ලයිකේ මාර්ටෙන්ස් ලොව ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

මෙම සම්මාන උලෙළ පසුගිය සඳුදා(23) එන්ගලන්තයේ ලන්ඩන් පලැඩියම්හි පැවත්වුන්ණි.

-ඡවිනි අභයසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment